මීළඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව සහ කමිටු රැස්වීමේදී අතුරු කමිටු පරිපාලනය පිළිනොගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) විසින් පනවා ඇති නීතිය මත පිහිටා අයි.සී.සී යේ පරිපාලන නිරීක්ෂණ කමිටුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව ලංකාවට අහිතකර විය හැකි බවට ක්‍රීඩා කේෂේත්රයේ රාවයක් පැතිර ගොස් තිබේ.
අදාල රැස්වීම ලබන ජුනි 21 සහ 22 වැනි දිනයන්හිදී බටහිර ඉන්දීය කොදෙව් හි පැවැත්වීමට නියමිතය.
මෙහි ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට අයි.සී.සී. යේ සාමාජිකත්වය අහිමිවීම වැනි බරපතල තත්ත්වයක් විය හැකි බවටද සැකයක් තිබේ.
එසේ වුවහොත් ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය සමගින් ජාත්‍යන්තර මට්ටමේ තරග සියල්ල අහිමිවනු ඇත.
යම් හෙයකින් මෙලෙස රටකට අයී.සී.සී සාමාජිකත්වය අහිමිවුවහොත් එය නැවත ලබාගැනීමද ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් වේ.
ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සිදුවන දේශපාලන අතපෙවීම් වැළැක්වීමේ අරමුණින් 2011 වසරේදී කෙටුම්පත් කළ අතුරු කමිටු පිටුදැකීමේ අදාළ නීතිය සම්මත කරගැනීම සඳහා 2012 වසරේදී පැවැති ජන්ද විමසීමේදී අයි.සී.සී. යේ පූර්ණ සමාජික රටවල් 9ක් එයට පක්ෂව ජන්දය ලබාදුන්නේය.
ඒ වන විටද අතුරු පාලනයක් පැවැති පකිස්තානය එයට විරුද්ධ වූ අතර එවක අතුරු කමිටුවක් යටතේ පාලනය වෙමින් පැවැති ශ්‍රී ලංකාව ජන්දය භාවිතා කිරීමෙන් වැලකී සිටියේය.
2012 වසර වන විට පැවැති උපාලි ධර්මදාස ප්රමුඛ අතුරුකමිටු පාලනය නිම කරමින් 2013 වසරේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය ජන්දයක් මගින් තීරණය වීමට කරුණු යෙදුණේ ද මෙම නීතිය සම්මතවීම හේතුවෙනි.
මෙලෙස අයි.සී.සී ය විසින් අතුරු කමිටු ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් තිබියදී වුව, මීළඟ නිලවරණය සඳහා නාමයෝජනා කැඳවීමෙන්ද අනතුරුව, පැවැති පරිපාලනය දූෂිත බව සඳහන් කරමින් ඉකුත් මාර්තු 27 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය අතුරු කමිටුවක් යටතට පත්කිරීමට කටයුතු කරන ලදි.








