FAST NEWS

24×7 Around the Globe

කොදෙව්වන් පරදා ඕස්ට්‍රේලියාවට ලකුණු 177ක ජයක්.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග මෙල්බර්න්හි පැවති දෙවන ටෙස්ට් තරගය ලකුණු 177 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (29) සමත් විය.

තරගයේ පළමු ඉනිම සඳහා ඕස්ට්‍රේලියාව කඩුලු 03කට ලකුණු 551 ක් රැස් කළ අතර දෙවන ඉනිමේ දී ලකුණු 179කට කඩුලු 03 ක් දැවී තිබිය දී ඉනිම අත්හිටවනු ලැබී ය.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 460 කි.

එහෙත් පළමු ඉනිමේ දී ලකුණු 271 ක් පමණක් රැස් කළ කොදෙව් කණ්ඩායම දෙවන ඉනිමේ දී ලකුණු 282 කට දැවී ගොස් ඇත.