FAST NEWS

24×7 Around the Globe

ස්ටාර් වෝර්ස් : ද ෆෝස් අවේකන්ස් දින 12න් ඩොලර් බිලියනක් උපයයි.

ගෝලීය ආදායම් වාර්තා අතරින් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව අඩුම කාලයකින් පසු කළ චිත්‍රපටය බවට පසුගියදා තිරගත වීම ඇරඹූ ස්ටාර් වෝර්ස් : ද ෆෝස් අවේකන්ස් පත්ව තිබේ.

ජේ. ජේ. ඒබ්‍රම්ස් විසින් අධ්‍යක්ෂණය කරන ලද එම චිත්‍රපටය නිකුත් වී දින 12ක් ඇතුලත බිලියනයේ සීමාව පසුකිරීමට සමත් වී තිබේ.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියුවේ ජූනි මාසයේදී නිකුත් කරන ලද ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයයි.

ජුරාසික් වර්ල්ඩ් එම වාර්තාව පිහිටවූයේ චීනයේද තිරගත වී දින 12ක් ඇතුලත වුවත් ස්ටාර් වෝර්ස් චිත්‍රපටය මෙතෙක් චිනයේ තිරගත වීම අරඹා නොමැත.

ඇමෙරිකාවේ නත්තල් දින අාදායම් වාර්තාවේද ප්‍රථම ස්ථානයට එම චිත්‍රපටය පත්වී තිබේ. එදින උපයා ඇති අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 49.3 කි.