කාර්යබහුල වසරක් ගත කළ ජනප්‍රිය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් ලබන 2016 වසර සඳහා මෙතෙක් එක් චිත්‍රපටයක් සඳහා වත් ගිවිසුම් අත්සන් කර නොමැති බව වාර්තා වේ.
තිරපිටපත් බොහෝමයක් කියවූවද ඉන් එක් කතාවක්වත් ඇගේ සිත දිනාගැනීමට නොහැකි වූ නිසා ඇය එවා බාරගත්තේ නැති බව දීපිකා පවසා තිබේ.
එමෙන්ම ඇය මේ වනවිට ළඟා කරගෙන ඇති තත්වය අනුව කාර්යබහුල වීම සඳහා චිත්‍රපට වලට දායක වීමට අවශ්‍ය නැති බවත් ඇය පවසා තිබේ.
මේ වසරේදී ඇය පීකු, තමාෂා සහ බජිරාවෝ මස්තානි යන චිත්‍රපට 3 සඳහා දායක වූ අතර බාජිරාවෝ මස්තානි චිත්‍රපටය මෙම මස 18 වනදා තිරගත වීම ඇරඹීමට නියමිත වේ.








