වසර 11කට පසු ශතකයක් වාර්තා කළ චිගම්බුරාට තරග තහනමක්

වසර 11කට පසු ශතකයක් වාර්තා කළ චිගම්බුරාට තරග තහනමක්

තරග 174කට පසු සිය පළමු එක්දින ක්‍රිකට් ශතකය වාර්තා කළ සිම්බාබ්වේ නායක එල්ටන් චිගම්බුරාට එම සතුට මැකී යාමටත් පෙර නෙතට කඳුළු කැන්දන අත්දැකීමකට මුහුණ දීමට සිදුව තිබේ.

ඒ, පකිස්ථානය සමග පැවැත්වෙන ඉතිරි එක්දින ක්‍රිකට් තරග දෙක ම ඔහුට තහනම් කිරීම හේතුවෙනි.

දෙරට අතර පැවති පළමු තරගයේදී පන්දු 95කදී ලකුණු 117ක් රැස් කරමින් ඔහු සිය පළමු ශතකය වාර්තා කළේ, එක්දින වරම් ලැබීමෙන් වසර 11කට පසුව ය.

එහෙත්, එම තරගයේදී සිම්බාබ්වේ පන්දු යවන්නන්ගේ මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් චිගම්බුරාට තරග දෙකක තහනමක් පැනවීමට තරග තීරක රොෂාන් මහානාම පියවර ගෙන තිබේ.

ඊට අමතරව තරග ගාස්තුවෙන් කොටසක් ගෙවීමට ද ඔහුට සිදුවනු ඇත.

එක්දින තරග 174කදී ඔහු මේ වන විට ලකුණු 3585ක් රැස් කර තිබේ.