FAST NEWS

24×7 Around the Globe

නුවරඑළියෙදි බස් රථයක් ප්‍රපාතයකට පෙරලී 40කට තුවාල.

ලිඳුල – නුවරඑළිය මාර්ගයේ විනයාගනගර් කෝවිල අසලදී පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් කළ මගීන් 40 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද (16) පෙරවරුවේ සිදුවූ එම අනතුරින් තුවාල ලැබූවන් ලිඳුල රෝහලට ඇතුළත් කර ඇති බව ය.

බස් රථයේ ගමන් කර ඇත්තේ තේ කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසකි .

ඔවුන් තම සේවා ස්ථානයේ සිට කලවකැලේ නගරයට ගොස් නැවත පැමිණෙමින් සිටියදී එම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.