FAST NEWS

24×7 Around the Globe

තිලකරත්න ඩිල්ෂාන් එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට එක් වෙයි

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් කී‍්‍රඩක තිලකරත්න ඩිල්ෂාන් එංගලන්ත ඩර්බිෂයර් ප‍්‍රාන්ත කණ්ඩායම සමග එක්ව ඇත. එංගලන්ත පළමු පෙළ ප‍්‍රාන්ත පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියට කී‍්‍රඩා කිරීම සඳහායි.

ඔහු මෙවර එංගලන්ත පළමු පෙළ පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියට කී‍්‍රඩා කරන සිවුවන ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයායි. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ සචිත‍්‍ර සේනානායක එම තරගාවලියට එක්ව සිටින අනෙක් ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයින් තිදෙනා වේ.
 කුමාර් සංගක්කාර සරේ කණ්ඩායම නියෝජනය කරමින්ද මහේල ජයවර්ධන සසෙක්ස් කණ්ඩායම නියෝජනය කරමින්ද මෙවර එංගලන්ත පළමු පෙළ ප‍්‍රාන්ත පන්දුවර විස්ස තරගාවලියට එක්ව සිටිති. සචිත‍්‍ර සේනානායක නියෝජනය කරන්නේ වොස්ටර්ෂයර් ප‍්‍රාන්ත කණ්ඩායමයි.