FAST NEWS

24×7 Around the Globe

එංගලන්තයට නොසිතූ පරාජයක්

(ෆාස්ට් නිව්ස් | මෙල්බෙර්න්) – එංගලන්තය සහ අයර්ලන්තය අතර පැවති 20/20 ලෝක කුසලාන තරගයෙන් ජය ලැබීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.

කණ්ඩායම් දෙක අතර අද (26) පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එන අනුව ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව එය ලකුණු 05කින් ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.

මෙය එංගලන්ත කණ්ඩායම බලාපොරොත්තු නොවූ පරාජයකි.

තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව අයර්ලන්ත කාණ්ඩායමට ලබාදුණි.

එන අනුව අයර්ලන්ත කණ්ඩායම පන්දු ඕවර 19.2කදී සියලුදෙනා දැවී ලකුණු 157ක් රැස්කළේය.

ඊට පිළිතුරු ලෙස වර්ෂාව නිසා තරගය නතරකරන විට එංගලන්තය ලබා සිටියේ පන්දු ඕවර 14.3කදී ලකුණු 105ක් පමණි.

ඒ අනුව ඔවුන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව තරගය ලකුණු 05කින් ජයගත්තේය.