(ෆාස්ට් නිව්ස් | මෙල්බර්න්) -බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයට හෝ සුදුසුකම් නොලබා පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට අද(21) සිදු වුණා.
අයර්ලන්තය හමුවේ කඩුලු 9 කින් පරාජයට පත් වීම හේතුවෙන් කොදෙව් කණ්ඩායමට ඉවත්වීමට සිදුවූ අතර අයර්ලන්තය මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටය සදහා සුදුසුකම් ලබා ගත්තා.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 146 ක් රැස් කිරීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තය පන්දුවාර 17.3 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
ඒ අනුව 2012 හා 2016 වසරවලදී විස්සයි විස්ස ලෝක කුසලානය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවනවා.








