(ෆාස්ට් නිව්ස් | ලාහෝර්) – අවශ්‍ය නම් පකිස්ථානය ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් වන බව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ ආසියානු කුසලානය පාකිස්තානයෙන් පිටත ස්ථානයකට ගෙන යා යුතු බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා කළ ප්‍රකාශය හේතුවෙන්.
ලබන වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය පකිස්ථානයේ පැවැත්වීමට නියමිතයි. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා පසුගියදා ප්‍රකාශ කළේ ඉන්දියාව ආසියානු කුසලානය මධ්‍යස්ථ රටක ක්‍රීඩා කරන බවයි.
“පාකිස්තානය ICC සහ ACC තරඟාවලි සඳහා සහභාගී නොවන්නේ නම් එහි වාණිජ වටිනාකම ද අඩු වනු ඇත. එබැවින් දැඩි තීරණ ගැනීමට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම්” යැයි පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙක් PTI වෙත පැවසීය.
හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරන පරිදි, පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩ








