FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා අයර්ලන්ත පුහුණු තරගය අත්හැර දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අද (13) පැවත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දමා තිබෙනවා.

මෙම තරගය ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30 තරගය ආරම්භ වීමය නියමිතව තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගි වන මුලික වටයේ පළමු තරගය නැම්බියාවට එරෙහිව ඉරිදා පැවත්වීමට නියමිතයි.

නැම්බියාව සහා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවත්වීමට නියමිත පුහුණු තරගය ද අයහපත් කාලගුණයච හේතුවෙන් අත්හැර දමා තිබෙනවා.