FAST NEWS

24×7 Around the Globe

ඉන්දියා කැපිටල්ස් පිළට ජයක්

(ෆාස්ට් නිව්ස් |  නව දිල්ලි) – ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති 7 වැනි තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට ඉන්දියා කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

දිල්ලි හී දී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට කැපිටල්ස් කණ්ඩායමෙන් ලද ඇරයුමට අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ දී ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 152 ක් රැස් කොට තිබෙනවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් ක්‍රීඩකයින් ඉනිම නිමා වීමට පන්දු 7ක් ඉතිරිව, කඩුලු 4 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කොට තිබෙනවා.