FIFA ලෝක කුසලාන : කටාර් රාජ්‍යයයෙන් නව නීති

FIFA ලෝක කුසලාන : කටාර් රාජ්‍යයයෙන් නව නීති

(ෆාස්ට් නිව්ස් |  කටාර්) – නොවැම්බර් 20 වන දින කටාර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත FIFA ලෝක කුසලාන සදහා රටට පැමිණෙන පිරිසට නව ප්‍රවේශ ක්‍රමයක් හදුන්වා දී තිබේ.

ඒ අනුව, නොවැම්බර් 1 සිට දෙසැම්බර් 22 දක්වා ගුවන්, ගොඩබිම් සහ සමුද්‍ර දේශසීමා හරහා රටට පැමිණෙන අමුත්තන්ට සංචාරක වීසා අත්හිටුවේ. නැවත දෙසැම්බර් 23 සිට යලි වීසා ලබදීම ආරම්භ කෙරේ.

එමෙන්ම, Hayya කාඩ්පතක් (Fan ID) හිමි අයට රටට ඇතුළුවීමට අවසර ලැබෙන අතර ඔවුන්ට 2023 ජනවාරි 23 දක්වා රට තුළ රැඳී සිටිය හැකිවේ.

තවද, මෙම නියෝග වලින් නිදහස් වන පිරිස ලෙස කටාර් පුරවැසියන්, පදිංචිකරුවන් සහ කටාර් හැඳුනුම්පතක් ඇති GCC පුරවැසියන් ලෙස දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නීති රෙගුලාසිවලට අවනත වන ලෙස එරට අමාත්‍යාංශය සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.