FAST NEWS

24×7 Around the Globe

චීනයෙන් පළමු මන්කිපොක්ස් ආසාදිතයා වාර්තාවෙයි

(ෆාස්ට් නිව්ස් | චීනය) – චීනයෙන් පළමු මන්කිපොක්ස් ආසාදිතයා වාර්තාවී තිබෙනවා.

චොන්ග්කිං නගරයෙන් ඊයේ වාර්තා වූ මෙම ආසාදිතයා විදෙස් රටක සිට පැමිණ ඇති බවටයි වාර්තාවන්නේ.

ඔහු චීනයට පැමිණි අවස්ථාවේදීම ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම හේතුවෙන් වෛරසය පැතිරයාමේ හැකියාව අවම වූ චීන බලධාරීන් සඳහන් කර ඇත්තේ.

මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගය පළමුවෙන්ම වාර්තා වූයේ අප්‍රිිකානු කලාපයෙන් වන අතර මේ වනවිට ලොව පුරා 61,000කට අධික පිරිසක් ඊට ගොදුරු වී තිබෙනවා.