FAST NEWS

24×7 Around the Globe

හිඟ විදුලි බිල්පත් ගෙවන්න සහන කාලයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිඟ විදුලි බිල්පත් ඇති රජයේ අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා එම බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබාදී ඇති බව ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ රජයේ ආයතන රැසක හිඟ විදුලි බිල්පත් අයකර ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බවය.

ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.