FAST NEWS

24×7 Around the Globe

ෂනායා කපූර් බොලිවුඩයට එයි

(ෆාස්ට් නිව්ස් |  නවදිල්ලි) – ජනප්‍රිය හින්දි සිනමා නළු සංජේ කපූර්ගේ දියණිය ෂනායා කපූර් ලබන වසරේ තිරගත වීමට සූදානම් කර ඇති ෂෂාන්ක් කයිතාන්ගේ ‘බෙධාදක්’ චිත්‍රපටය හරහි බොලිවුඩ් සිනමාවට පිවිසීමට සූදානමින් සිටියි.

ෂනායා බොලිවුඩ් සිනමාවට පිවිසිමට සූදානමින් සිටියේ 2020 වසරේ ප්‍රදර්ශනය වූ ‘ගුංජනා සක්සේනා’ චිත්‍රපටයෙනි. නමුත්, ඇය එම චරිතය ප්‍රතික්ෂේප කර සිය ඥාති සහෝදරිය වූ ජාන්විට ලබාදී තිබුණ බව සඳහන් වෙයි. ෂනායා මේ වනවිට සිය 21 වැනි විය ගෙවා දමමින් සිටියි.