(ෆාස්ට් නිව්ස් | ඩුබායි) – ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 4 දෙනාගේ වටය අද ආරම්භ වනවා.
මෙම වටයට සුදුසුකම් ලබා ඇත්තේ ඉන්දියාව, පකිස්තානය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානයයි.
සුපිරි 4 දෙනාගේ වටය ලීග් ක්‍රමයට පැවැත්වෙනවා.
ඒ අනුව සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී සෑම කණ්ඩායමක් සමගම තරග වැදිය යුතුයි.
එහිදී වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබාගන්නා කණ්ඩායම් දෙක ආසියානු කුසලානයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබනවා.
පළමු තරඟය පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතරයි.
ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය බී කාණ්ඩය යටතේ තරග වැදුනා.
පළමු වටයේදී දෙපිළ අතර පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට අත්වූයේ දරුණු පරාජයක්.








