FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වෙන කමල් රෂීඩ් ඛාන් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් |  ඉන්දියාව) – ජනප්‍රිය නළුවෙකු සහ නිෂ්පාදකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනප්‍රිය නිෂ්පාදකයෙකු සහ නළුවෙකු වන කමල් රෂීඩ් ඛාන් බවයි.

ඔහු විසින් පසුගිය 2020 වසරේදී ට්විටර් ගිණුමේ තැබූ සටහනක් සම්බන්ධයෙන් මෙලෙස කමල් රෂීඩ් ඛාන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ කමල් රෂීඩ් ඛාන් මුම්බායි ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අභාවප්‍රාප්ත වූ ඉන්දීය සුපිරි නළුවන් වන රිෂි කපූර් සහ ඉර්ෆාන් ඛාන් සම්බන්ධයෙන් කමල් රෂීඩ් ඛාන් 2020 වසරේදී අපහාසාත්මක ප්‍රකාශ ට්විටර් ගිණුම ඔස්සේ පළකර තිබේ.

කෙසේ වෙතත් කුමන ටිවිටර් සටහනක් සම්බන්ධයෙන් කමල් රෂීඩ් ඛාන් අත්අඩංගුවට ගෙන තිබේද යන්න නිශ්චිතව වාර්තා කර නොමැත.

කමල් රෂීඩ් ඛාන් අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.