(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වීමට නියමිත වේ. පසුගිය තරග වාරයේදී ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමින් ක්‍රීඩා කර වැඩිම කඩුලු ලාභියා බවට පත්වූ වනිදු හසරංග මෙවර තරගාවලියේ 6 වැනි අදියරේදී නොදර්න් වොරියර්ස් (Northern Warriors) කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිත බව අද එම කණ්ඩායම විසින් නිවේදනය කර තිබේ.
මතීෂ පතිරණ එළඹෙන තරග වාරය වෙනුවෙන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම විසින් සිය සංචිතයේ රදවා ගැනීමට ද පියවර ගෙන තිබේ.








