FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකාවේ විස්සයි 20 ක්‍රිකට් ලීග් තරගාවලියට මහීෂ් තීක්ෂණට වරම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ක්‍රිකට් ලීග් තරගාවලිය ලබන වසරේ පෙබරවාරි – මාර්තු මාසවල පැවැත්වීමට නියමිතය.

එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ ව තෝරාගෙන තිබේ.

මහීෂ් තීක්ෂණ ව ජොහැන්නස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා ඩොලර් ලක්ෂ 2කට බඳවාගෙන තිබුණි.

ජොහැන්නස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස ෆැබ් ඩු ප්ලේසිස් කටයුතු කිරීමට නියමිත අතර එම කණ්ඩායමේ හිමිකරුවන් වන්නේ චෙන්නායි සුපර් කිංග්ස් ය.