එංගලන්ත නායක එයන් මෝගන් ක්‍රිකට් පිටියෙන් සමුගනී

එංගලන්ත නායක එයන් මෝගන් ක්‍රිකට් පිටියෙන් සමුගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක කුසලානය දිනූ එංගලන්ත නායක එයන් මෝගන්( Eoin Morgan) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත.

35 හැවිරිදි මෝගන් 2012 වසරේ දී T20 කණ්ඩායම සහ 2014 වසරේ දී එක්දින කණ්ඩායම භාර ගත්තේය.

මෝගන් යටතේ එංගලන්තය 2019 ලෝක කුසලානය දිනාගත් අතර එක්දින සහ විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානයට පැමිණියේය.

ඔහුගේ දකුණු පාදයේ නිරන්තර මාංශ පේශි ආබාධ හේතුවෙන් ඔහුට මේ වසරේ පිට පිට දින කිහිපයක් ක්‍රීඩා කිරීමට නොහැකි වී තිබුනි.

මෝගන් එංගලන්තයේ එක්දින සහ විස්සයි20 ක්‍රිකට් පිටියේ පිළිවෙළින් ලකුණු 6,957ක් සහ 2,458ක් ලබාගෙන සිටින වැඩිම ලකුණු ලාභියාවේ.

ඔහු එක්දින තරග 225ක් සහ විස්සයි20 තරග 115ක් වාර්තා කර තිබීමද එංගලන්ත වාර්තාවකි.

එයන් මෝගන් වෙනුවට නායකත්වයට ජොස් බට්ලර් පත් කිරීමට අපේක්ෂා කෙරෙන බව ද වාර්තාවේ.