FAST NEWS

24×7 Around the Globe

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ ශ්‍රී ලංකාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගී වීම සදහා පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලබන 06වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

පකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක නිරත වන්නේ 2015 වසරෙන් පසුවය.

ඔවුන් තෙදින පුහුණු තරගයකට පළමුවෙන් සහභාගීවන අතර පළමු ටෙස්ට් තරගය ලබන16 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිතය.

දෙවැනි ටෙස්ට් තරගය ලබන මස 24 වැනිදා පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය.