FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට කඩුළු 06 ක විශිෂ්ඨ ජයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර එක්දින තරඟාවලියේ තෙවැනි එක්දින තරඟයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගය ඊයේ(190 පැවැත්වුනේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදීය.

කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 291 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී Aaron Finch ලකුණු 62 ක් , Travis Head ලකුණු 70 ක්, Alex Carey ලකුණු 49 ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ජැෆ්රි වෙන්ඩෙසේ කඩුලු 3 ක්, දුෂ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම 49 වැනි පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වාර්තාගත ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 137 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 87 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 25 ක් ලබා ගැනීමට සමත් විය.

තරග 05 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.