FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය: ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරු ඉල්ලීමක් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට තරග සංචාරයකට එක්ව සිටින ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් මේවන විට දැඩි අර්බුදයකට මුහුණ දී සිටිව ශ්‍රී ලංකාවට මානුෂිය ආධාර ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදු කරයි.

මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයින් දෙපළක් වන ස්ටීවන් ස්මිත් හා මිචෙල් ස්ටාර්ක් විසිනි.

මානුෂිය අවශ්‍යතා සහ ප්‍රමුඛතා ඒකාබද්ධ සැලැස්මක් දියත් කළ එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් සහ රාජ්‍ය නොවන සංවිධායක සමඟින් එක්ව සිටින ඔස්ට්‍රෙලියානු ක්‍රීඩකයින් ඉදිරි මාස 4ක කාලවකවානුවේදී ජීවිතාරක්ෂක ආධාර සහ මානුෂීය ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 47.2ක මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් රැස් කර ගැනීමට සැලසුම් කර ඇත.

වීඩියෝ පණිවුඩයක් මගින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ස්ටීව් ස්මිත් සහ මිචෙල් ස්ටාක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව දැනුවත් කරමින් පණිවිඩ නිකුත් කර තිබේ.

ආධාර කිරීමට කැමති අයට පහත සබැඳිය හරහා පරිත්‍යාග කිරීමෙන් එසේ කළ හැකිය.

https://srilanka.embassy.gov.au/clmb/ResponseSupportforSriLankaEconomicCrisis.html