සිරදඬුවම් නියම වී සිටින සල්මන් ඛාන්ට ඩුබායි සංචාරයකට

සිරදඬුවම් නියම වී සිටින සල්මන් ඛාන්ට ඩුබායි සංචාරයකට

වසර 5ක සිරදඬුවමක් නියම වී සිටින සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට ඩුබායිහි සංචාරයක් සඳහා පිටත්ව යාමට මුම්බායි මහාධිකරණය අවසර දී තිබේ.

ඒ දැඩි කොන්දේසි කිහිපයකට යටත්ව ය.

ඒ අනුව සල්මන් ඛාන් පිටත්ව යන ගුවන් යානය පිළිබඳ තොරතුරු, ඩුබායිහි නවාතැන් ගන්නා ස්ථානයේ ලිපිනය සහ දුරකතන අංකය මෙන් ම ඉන්දීය රුපියල් ලක්ෂ 2ක ඇපයක් ද ලබා දිය යුතු වේ.

ඊට අමතරව සංචාරය නිමවා යළි ඉන්දියාවට පැමිණ පැය 8ක කාලයක් ඇතුළත සිය ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවට ද කොන්දේසියක් පනවා තිබේ.

ඒ අනුව 49 හැවිරිදි සල්මන් ඛාන් ප්‍රසංගයකට සහභාගී වීම සඳහා මැයි 27 වන දා සිට 30 වන දා දක්වා ඩුබායිහි සංචාරය කරනු ඇත.

2002 වසරේදී සිය මෝටර් රථයෙන් යාචකයෙකු යට කර පලා යාම හේතුවෙන් සල්මන් ඛාන්ට වසර 5ක සිර දඬුවම් නියම විය.

ඊට එරෙහිව ඔහු අභියාචනයක් ගොනු කළ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් ඔහු භාරගත් චිත්‍රපට සහ ප්‍රසංග සඳහා දායක වීමට ඔහුට අවස්ථාව ලබා දී තිබේ.