FAST NEWS

24×7 Around the Globe

‘රේන්බෝ’ සිනමා උලෙළේ හොඳම අධ්‍යක්ෂණය ශ්‍රී ලංකාවේ ‘ද නිවුස්පේපර්’ට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිනමා, ටෙලිනාට්‍ය සහ වේදිකා යන කලා ක්ෂේත්‍ර තුනෙහිම දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනකු වන සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර විසින් අධ්‍යක්ෂණය කරන ලද “ද නිවුස්පේපර්“ සිංහල චිත්‍රපටයට ලන්ඩන් නුවර පැවති 23 වැනි “රේන්බෝ“ සිනමා උලෙළේදී හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමි වී ඇත.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ඔවුහු එහි ප්‍රධාන චරිත දෙක සඳහා රඟපෑමෙන් ද දායක වූහ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ සම්මානනීය චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතායි.