හැරීගේ ආරක්ෂාවට මයිකල් ජැක්සන්ගේ හිටපු ආරක්ෂකයා

හැරීගේ ආරක්ෂාවට මයිකල් ජැක්සන්ගේ හිටපු ආරක්ෂකයා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –සසෙක්ස් හි ආදිපාද හැරී කුමරු සහ මේගන් මාක්ල් ඔවුන්ගේ ආරක්ෂක කණ්ඩායමේ ප්‍රධානියා ලෙස නැසීගිය පොප් ගායක මයිකල් ජැක්සන්ගේ හිටපු ආරක්‍ෂකයා බදවාගෙන ඇතැයි වාර්තා වේ.

කැලිෆෝනියාවේ දී මෙම ආරක්‍ෂකයා සමඟ හැරී කුමරු බයිසිකලයක යන පිංතූරයක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සසෙක්ස් හි ආදිපාදවරයා ඔහුගේ බිරිඳ මේගන්, පුත් ආචී සහ දියණිය ලිලිබෙට් විදුලි බයිසිකලයකින් ගමන් කර ඇති අතර ඔවුන් පිටුපස ආරක්ෂක කණ්ඩායමක් ගමන් කර තිබේ.

ඇල්බර්ටෝ අල්වාරෙස් (Alberto Alvarez)නැමැති මෙම ආරක්‍ෂකයා 45වැනි වියෙහි පසුවේ. මයිකල් ජැක්සන්ගේ මරණය පිළිබඳ 2011 නඩු විභාගයේදී මොහු සාක්ෂි ලබා දී ඇති අතර 2009 වසරේ මයිකල් ජැක්සන් මියගිය රාත්‍රියේ 911 හදිසි සේවය ඇමතූ පුද්ගලයා වේ.

පුද්ගලික ආරක්‍ෂාව සහ සිදුවීම් ආරක්‍ෂාව පිළිබඳ වසර 15ක පළපුරුද්දක් ඇල්බර්ටෝ අල්වාරෙස් සතුවේ. ඇල්බර්ටෝ බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් සමඟ වැඩ කර ඇති අයෙකි.

ඔහු විචක්ෂණශීලී චරිතයක්වන අතර මයිකල්ට අතිශයින්ම පක්ෂපාතී වූ බවද සදහන් වේ.

ඔහු සහ හැරී හොඳ ගැළපීමක් සේ පෙනෙන අතර හැරී බලාපොරොත්තු වන්නේ ඔහු සහ ඔහුගේ පවුලේ අය බලාගැනීමට ඇල්බර්ටෝ ගේ සහාය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.