FAST NEWS

24×7 Around the Globe

යුපුන් අබේකෝන් සිය දෙවන හොඳම කාලය වාර්තා කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චෙක් ජනරජයේ පැවැත්වෙන ඔස්ට්‍රේව් ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය.

යුපුන් අබේකෝන් එහිදී තප්පර 10.08 ක කාලයක් වාර්තා කළ අතර මෙය ඔහුගේ මෙම වාරයේ වාර්තා කළ දෙවැනි හොඳම කාලය ලෙස සඳහන් වේ.

මෙම තරඟයේදී යුපුන්ගේ ප්‍රතිවාදීන් අතර ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් සහ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බයින්ද සිටි අතර එහිදී යුපුන් අබේකෝන් යොහාන් බ්ලේක් වඩා තප්පර බින්දුවයි දශම 3 ක් පිටුපසින් තරඟය අවසන් කිරීම විශේෂත්වයකි.

මීටර් 100 පිරිමි ඉසව්වේ ජයග්‍රාහකයා වූයේ මහා බ්‍රිතාන්‍යයේ රීස් ප්‍රෙස්කොඩ් වන අතර ඔහු තරගය නිම කළේ තත්පර 9.93කිනි.