FAST NEWS

24×7 Around the Globe

IPL අවසන් මහ තරගය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී අද(29) පැවැත්වේ.

ගුජරාටි ටයිටන්ස් හා රාජස්ථාන් රෝයල් කණ්ඩායම් එහිදිී තරග වදියි.

ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන්නේ පලමු වතාවටය. රාජස්ථාන් රෝයල් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවේ වසර 14 කට පසුවය.

තරගාවලියේ ජයග්‍රාහි කණ්ඩායමට ඉන්දිය රුපියල් කෝටි 20 ක මුදලක් පිරිනැමේ. අනුශුරතාව සදහා පිරිනැමෙන මුදල ඉන්දිය රුපියල් කෝටි 13 කි.
මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුඵ සංඛ්‍යාවක් බිඳ හෙලීමේ ගෞරවය ශ්‍රී ලාංකික ක්‍රිඩක වනිඳු හසරංගට හිමිවෙයි.