FAST NEWS

24×7 Around the Globe

ICCය වසරේ එක්දින කණ්ඩායම නම්කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ එක්දින කණ්ඩායම නම්කර තිබේ.

එම කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු නම්කර ඇත.

මෙලෙස වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායමට නම්කර ඇත්තේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සහ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි.

වනිඳු හසරංග ඊයේ දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ වසරේ විස්සයි විස්ස කණ්ඩායමටද එක්කර තිබීම විශේෂත්වයකි.

වසරේ විස්සයි විස්ස කණ්ඩායමේ මෙන්ම එක්දින කණ්ඩායමේ ද නායකයා ලෙස නම්කර ඇත්තේ බාබර් අසාම් වීම ද තවත් විශේෂත්වයකි.

මෙම කණ්ඩායමේ ක්‍රීඩකයන් පහතින්.

පෝල් ස්ටර්ලින් , ජනමාන් ම්ලාන් , බාබර් අසාම් (නායක) , ෆක්තාර් සමාන් , රසී වැන්ඩර් ඩුස්සන් , ෂකීබ් අල් හසන් , මුශ්ෆිකුර් රහීම් , වනිඳු හසරංග , මුස්ටෆිසූර් රහමන් , සිමී සිං , දුෂ්මන්ත චමීර