FAST NEWS

24×7 Around the Globe

නොවැක් ජොකොවික් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම නවතී

(ෆාස්ට් නිව්ස් |  මෙල්බෝර්න්) – ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම වළක්වමින් ෆෙඩරල් අධිකරණයක් විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විනාඩි 30 ක් ඇතුළත් ඔහු රැඳවුම් භාරයෙන් මුදා හරින ලෙයසි නියෝග කෙරුණේ.

අද පෙරවරුවේ යළි ආරම්භ වූ නඩු විභාගයේදී ජොකොවික්ගේ නීතීඥයන් සහ රජයේ නීතීඥයන් වෙන වෙනම කරුණූ දක්වා තිබුණා.

ඕස්ට්‍රේලියාව විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීම සඳහා මෙල්බන් නුවරට පැමිණි ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට දේශ සීමා ආරක්ෂණ නිළධාරීන් පියවර ගත්තේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීයි.

ඒ නිසි එන්නත්කරණයකින් තොරව ඕස්ට්‍රේලියාවට ඇතුලුවීම නීති විරෝධී යැයි දක්වමින්.

එහෙත් ඔහුගේ නීතීඥයන් විසින් වික්ටෝරියා අධිකරණයක් හමුවේ අභියාචනයක් ගොණුකල අතර එහි අවසන් තීන්දුව ලබාදීම අද තෙක් කල් දැමුණා.

කිසියම් අයුරකින් පිටුවහල් කිරීමේ නියෝගයක් ලැබුණේනම් වසර 03 ක් යනතුරු නැවතත් ඔස්ටේ්‍රලියාවට පැමිණීමද ජොකොවික් ට තහනම් වීමට නියමිතව තිබුණා.