FAST NEWS

24×7 Around the Globe

භානුක රාජපක්ෂ ක්‍රිකට් පිටියට සමුදෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට බලාපොරොත්තු වන බව ලිපියක් මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇතැයි වාර්තාවෙයි.

ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව භානුක රාජපක්ෂ සිය විශ්‍රාම යාමේ ලිපියේ සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී ඇති නවතම ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන් සමඟ තව දුරටත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තමාට නොහැකි වනු ඇති බවයි.