FAST NEWS

24×7 Around the Globe

ගංගුලිට කොරෝනා

(ෆාස්ට් නිව්ස් |  චෙන්නායි) – කොරෝනා වැළදීම ⁣හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩල සභාපති සව්රව් ගංගුලි මහතා රෝහල් ගත කර තිබෙනවා.

ඔහු මේ වන විට කොල්කටා නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවන බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.

49 වියේ පසුවන ගංගුලි හෘද රෝගී තත්වයක් මත මින් පෙර අවස්ථා දෙකකදී රෝහල්ගත කෙරුණා.

ගංගුලි පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින බවයි අනාවරණය වන්නේ.