එංගලන්තයට දැඩි ඉලක්කයක්

එංගලන්තයට දැඩි ඉලක්කයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අළු බඳුන කුසලාන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ පස්වන සහ අවසන් දිනය අද (20) යි.

මේ වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුළු 6 ක් දැවී ලකුණු 142 ක් ලබා සිටිනවා.

ඒ අනුව තරඟය ජය ගැනීම සඳහා එංගලන්තයට තවත් ලකුණු 326 ලබා ගත යුතු අතර ඒ සඳහා ඔවුන්ට ඉතිරිව ඇත්තේ කඩුළු 4ක් පමණයි.

මෙම තරගයේ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 473ක් සහ දෙවන ඉනිම සඳහා ලකුණු 230ක් රැස් කළා.

එංගලන්තයට සිය පළමු ඉනිම සඳහා රැස් කළ හැකි වූයේ ලකුණු 236ක් පමණයි.