FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 204යි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලේ සියලුදෙනා දැවී ලකුණු 204ක් රැස්කර ගෙන තිබේ.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පැතුම් නිශ්ශංක ලකුණු 73ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 5ක් ද සමගිනි.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 42යි.

පන්දු යැවීමේදී කොදෙව් පිල වෙනුවෙන් වීරසාමි පෙරුමාල් කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය.
කොදෙව් කණ්ඩායම මේ වන විට පිළිතුරු ඉනිම සදහා පන්දුවට පහරදීමට ආරම්භ කර තිබේ.

අද මෙම තරගයේ දෙවන දිනයයි.