FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ 07 කට කොරෝනා – අවසන් තීරණය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලිය සඳහා සිම්බාබ්වේ බලා ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හැකි ඉක්මනින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සඳහන් කළේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ අදාළ සාකච්ඡා පැවැත්වෙන අතර, මේ වනවිට කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හත්දෙනෙකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති බවයි.

අද (28) දහවල් වනවිට කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගෙන්වාගැනීම සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට හැකිවනු ඇතැයි ඔහු අදහස් දක්වමින් කියා සිටියා.

මේ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු මාර්ග වලින් දැනගන්නට තිබේ.