FAST NEWS

24×7 Around the Globe

ලෙඩ ඇති 20 ට වැඩි අයට අද සිට බූස්ටර් මාත්‍රා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විවිධ රෝගාබාධ හේතුවෙන් සංකූලතා සහිත අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන 03 වන එන්නත් මාත්‍රාව ලබාදීම අද සිට ආරම්භ කෙරෙනවා.

ඒ යටතේ, ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින් ට, නිදන්ගත වකුගඩු රෝගීන්ට, ඇට මිඳුළු බද්ද කිරීම්වලට ලක්වු අයට, පිළිකා රෝගයෙන් පීඩා විඳින අයට හෝ අනෙකුත් විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් සඳහා එම එන්නත් මාත්‍රාව ලබාගත හැකියි.

දෙවැනි කොවිඩ් මර්දන මාත්‍රාව ලබාගෙන මාසයක් සම්පූර්ණ කර ඇති පුද්ගලයින් සඳහා එම මාත්‍රාව ලබාදීම රෝහල් සහ සායන හරහා සිදුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කලා.

මේ අතර වයස්ගත පුද්ගලයන් හා ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට සාපේක්ෂව දරුවන්ට කොරෝනා වැළදිමේ ප්‍රවණතාව අඩු මට්ටමක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.