FAST NEWS

24×7 Around the Globe

2022 T20 ලෝක කුසලාන තරඟ ගැන විශේෂ දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2022 T20 ලෝක කුසලාන තරග පැවැත්වෙන නගර 7 ප්‍රකාශයට පත්කෙරේ.

2022 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන නගර පිළිබදව අද (16) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නගර 7ක් නම් කර ඇත.

සිඩ්නි, ඇඩිලේඩ්, මෙල්බර්න්, පර්ත්, බ්‍රිස්බේන්, ගීලොන්ග් සහ හෝබාර්ට් යන නගරවල පැවැත්වෙනු ඇත.

එහි අවසන් පූර්ව තරග සිඩ්නි සහ ඇඩිලේඩ් හිදි පැවැත්වීමට නියමිතයි.