FAST NEWS

24×7 Around the Globe

එක රටක් එක නීතියක් බලකාය​ට නව සාමාජිකයින් තිදෙනෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නව සාමාජිකයින් ලෙස රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන්, යෝගේෂ්වරී පත්ගුණරාජා සහ අයියම්පිල්ලෙයි දයානන්දරාජා පත් කර ඇත.

මහාචාර්ය දයානන්ද බණ්ඩා සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් කාර්ය සාධක බලකායේ සාමාජිකත්වයෙන් ඉවත් වී ති​බේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම කාර්ය සාධක බලකායේ නියමයන් ද පහත පරිදි සංශෝධනය කිරීමකට ලක් කර ඇති බවද අදාළ නව ගැසට් පත්‍රයේ දැක්වෙයි.