FAST NEWS

24×7 Around the Globe

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ටෙස්ට් තරග දෙකකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අද (08) උදෑසන දිවයිනට පැමිණියා.

මෙම තරගාවලියේ පළමු තරගය ලබන 21 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

කොදෙව් කණ්ඩායම ලබන 14 වනදා සිට 17 වනදා දක්වා කොළඹ දී පුහුණු තරගයකට එක්වීමට ද නියමිතව තිබෙනවා.