FAST NEWS

24×7 Around the Globe

රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයට

(ෆාස්ට් නිව්ස් |  ඉන්දියාව) – ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රාහුල් ඩ්‍රාවිඩ් පත් කර තිබෙනවා.

ලබන 17 වනදා සිට ආරම්භ වන නවසීලන්තයට එරෙහි තරගාවලියේ සිට එම තනතුර බලාත්මක වනු ඇති.

ඉන්දීය කණ්ඩායමේ වත්මන් පුහුණුකරු රවී ශාස්ත්‍රී පන්දුවාර 20 ලෝක කුසලානයෙන් පසු එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි.