FAST NEWS

24×7 Around the Globe

කත්‍රිනා හා විකීගේ විවාහයට දින නියම වෙයි

(ෆාස්ට් නිව්ස් |  චෙන්නායි) – සුරූපි බොලිවුඩ් සිනමා නිළි කත්‍රිනා කයිෆ් හා විකී කෞශාල් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය දැන් බොහෝ දෙනෙකුට රහසක් නොවෙයි. ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය විවාහයකට පෙරළිමට මේ වනවිට සූදානමක් පවතින බවට තොරතුරු ලැබේ.

ඒ අනුව විකි හා කත්‍රිනාගේ විවාහය එළැඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. විවාහ උත්සවයට පෙර පවත්වන ලබන රෝකා උත්සවයද ඔවුන් දෙදෙනා විසින් පසුගිය අගෝස්තු මාසයේදී අප්‍රසිද්ධියේ පවත්වා තිබෙන බව ඔවුන්ගේ සමිපතමයින් කිහිප දෙනෙකු පවසා ඇත.