FAST NEWS

24×7 Around the Globe

ඇන්ජෙලෝ යළි ක්‍රිකට් පිටියට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් යළි ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ තමා ඉදිරි තරගාවලි වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බවයි.

තමාව ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලෙස ඔහු පසුගිය ජූලි මාසයේ දී ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබුණා.