FAST NEWS

24×7 Around the Globe

LPL තරඟාවලිය : විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අදින් අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සදහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අදින් (05) අවසන් වීමට නියමිතයි.

පසුගිය මස 24 වනදා ලියාපදිංචි කිරීමේ කටයුතු යළි ආරම්භ කර තිබූ අතර, අද දහවල් 12.00 වන තුරු ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කළ හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් 4 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.