FAST NEWS

24×7 Around the Globe

IPL ඊයේ ජය පන්ජාබ් කින්ග්ස් පිළට

(ෆාස්ට් නිව්ස් | ඩුබායි) –  මෙවර IPL තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය කඩුලු 5කින් ජය ගැනිමට පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සමත්වුනා.

තරගය පැවැත්වුනේ ඩුබායි හිදියි. පලමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා පිල නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7 ක් දැවී ලකුණු 165 ක් රැස් කළා.

වෙන්කටේෂ් අයියර් ලකුණු 67 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් පිළ පන්දුවාර 19 යි පන්දු 3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 168 ක් ලබාගෙන තරගය ජයගත්තා.

ලකුණු 67 ක් රැස් කළ පන්ජාබ් නායක කේ එල් රාහුල් තරගයේ වීරයායි.

අයි පි එල් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වීමට නියමිතයි. ඉන් එක් තරගයක් අද පස්වරු 3.30 ට මුම්බායි ඉන්ඩියන්ස් හා දිල්ලි කැපිටල්ස් අතර ෂාජා හිදිත්

අනෙත් තරගය රාජස්ථාන් රෝයල්ස් හා චෙන්නායි සුපර් කින්ග්ස් අත⁣ර රාත්‍රී 7.30 ට අබුඩාබි හිදිත් පැවැත්වෙනු ඇති.