FAST NEWS

24×7 Around the Globe

T Series ලේබලය යටතේ යොහානිගේ පළමු ගීතය අද එළිදක්වයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  යොහානි ද සිල්වා කියන්නේ මේ වෙද්දි ලෝකයම කතා කරන තරුවක්. සතීෂාන් ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතයේ ප්‍රතිනිර්මාණ ගීතය සමග ඇයව ලෝකයේම කතාබහට ලක්වුණා. විශේෂයෙන් ඉන්දියානු රසිකයින් මේ වීඩියෝව සහ යොහානිව ඉතා ආදරෙයන් වැළඳ ගනු ලැබුවා. ඉදිරියේදී යොහානි ඉන්දියාවේ ප්‍රසංග කිහිපයකටම සහභාගී වීමට නියමිතයි.

කෙසේවෙතත් යොහානි තම නවතම ප්‍රතිනිර්මාණ ගීතයත් අද (28) දා අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඒ ඉදිරියේදී තිරගත වීමට නියමිත Shiddat නම් ඉන්දියානු චිත්‍රපටයේ තේමා ගීතයයි. මෙම ගීතයේ පද රචනය, සංගීතය සහ මුල් ගායනය ඉන්දියානු ජනප්‍රිය ගායකයෙක් වන මනන් භාද්වාජ් (Manan Bhardwaj) විසින් සිදු කර තිබෙනවා. මෙම ගීතයටද ලාංකීය රසිකයින් සහ ඉන්දියානු රසිකයින්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබී තිබෙනවා.