FAST NEWS

24×7 Around the Globe

ධනුෂ්ගේ ‘මාරන්’ චෙන්නයිහි ළහි ළහියේ රූපගත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් ‘කොවිඩ්’ රැල්ලක් මතුවේ යැයි සැකයක් ඇති හෙයින් මේ දිනවල ධනුෂ්ගේ ‘මාරන්’ චිත්‍රපටයේ රූපගත කිරිම් ළහි ළහියේ චෙන්නායි නගරයේ සිදු කරමින් පවතින බව සඳහන් වෙයි. ‘මාරන්’හි රූපගත කිරිම් මේ වනවිට අඩක් පමණ නිමා වී ඇති බව සඳහන් වෙයි.

අවස්ථා කිහිපයකදීම ‘කොවිඩ්’ වසංගත තත්වය නිසාවෙන් මෙම චිත්‍රපටයේද රූපගත කිරිම් අතරමඟ නවතා දමන්නට සිදුවිය. ධනුෂ් සමගින් මෙම චිත්‍රපටයේ සුරූපි මාලවිකා මෝහන් රංගනයෙන් දායක වෙයි. පසුගිය අගෝස්තු මස මුල් සතියේදී හයිද්‍රබාද් නගරයේ ආරම්භ කළ මෙහි රූපගත කිරිම් කටයුතු මේ වනවිට චෙන්නායි හි සිදු කරමින් පවතියි.