FAST NEWS

24×7 Around the Globe

ද. අප්‍රිකාව – ශ්‍රී ලංකාව : තීරණාත්මක දෙවන තරගය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(04) පැවැත්වේ.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ශ්‍රී ලංකාව ලකුණු 14 කින් ජය ගත්තේය .

ඒ අනුව, තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1 ට 0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පෙරමුණේ පසුවෙයි.

තරගාවලි⁣යේ තවදුරටත් රැඳී සිටීමටනම් දකුණු අප්‍රිකාවට අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්යය වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජය ගතහොත් තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමේ අවස්ථාව ඔවුන්ට හිමිවෙයි.

තරගය අද (04) සවස 2.30ට කොළඹ, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිතය.