FAST NEWS

24×7 Around the Globe

විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජය ග්‍රේස් කණ්ඩායමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 42 කින් ජය ගැනීමට ග්‍රේස් කණ්ඩායම සමත් විය.

මුලින් පන්දුවට පහර දුන් එම කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 201 ක් රැස් කළේය. ප්‍රතිවාදි රෙඩ්ස් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 4 කදි රැස් කිරීමට හැකි වුයේ සියලු දෙනා දැවී ලකුණු 159 ක් පමණි.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරගාවලිය සංවිධාන කළේය.