FAST NEWS

24×7 Around the Globe

ආදරණීය ක්ලැරන්ස් නමින් මාර්ගයක්

මහරගම – නගර සභා බල ප්‍රදේශයට අයත් මාර්ගයක් අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධනගේ නමින් නම් කර තිබෙනවා.

ඒ, ඊයේ දිනට යෙදුණු ඔහුගේ 78 වන ජන්ම දිනය නිමිත්තෙන්. ක්ලැරන්ස් විජේවර්ධන ජීවත්ව සිටියදී විසූ මහරගම – තලපත්පිටිය මාර්ගයේ නිවසට පිවිසෙන මාර්ගය මෙලෙස නම් කළ බවයි මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් සඳහන් කළේ.